Wednesday, September 16, 2026
Homeදේශීයඊශ්‍රායල පලස්තීන සටන් නවතිනවාට අමෙරිකාව ප්‍රසිද්ධියේ විරුද්ධ වෙයි

ඊශ්‍රායල පලස්තීන සටන් නවතිනවාට අමෙරිකාව ප්‍රසිද්ධියේ විරුද්ධ වෙයි

මානුෂීය ආධාර ගසා තීරයට යැවීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් ගැටුම්වලට තාවකාලික විරාමයක් ලබා දිය යුතු බවට බ්‍රසීලය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාව නිෂේධ බලය යොදා ප්‍රතික්ෂේප කිරීමට අමෙරිකාව කටයුතු කර තිබෙනවා.

එම යෝජනාවට කවුන්සිලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් සාමාජික රටවල් 12ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර රුසියාව සහ බ්‍රිතාන්‍ය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනෙකු සිටින අතර එහි නිෂේධ බලය හිමි නිත්‍ය සමාජිකයින් 5 දෙනාගෙන් අයෙකු හෝ විරුද්ධ වුවහොත් අදාළ යෝජනාව සම්මත නොවේ.

ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යෑම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ කාර්යභාරය යි.

READ:   වහාම ඡන්දයක් තියන්න - කාදිනල් හිමිගෙන් විශේෂ ඉල්ලීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්