Monday, April 27, 2026
Homeක්‍රීඩාලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා එක් වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර එහි උපනායකත්වය කුසල් මෙන්ඩිස් ට හිමිව තිබෙනවා.

වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ සහ ඩිල්ශාන් මධුශංක ද සංචිතයට ඇතුලත්ව ඇති අතර, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව අනුව තරගාවලියට සහභාගි කරගැනිමට නියමිතයි.

සංචිතයට නම් කර ඇති අනෙක් ක්‍රීඩකයින් වන්නේ දිමුත් කරුණාරත්න,පැතුම් නිශ්ශංක,කුසල් ජනිත් පෙරේරා,චරිත් අසංලක, ධනංජය ද සිල්වා,සධීර සමරවික්‍රම, දුනිත් වෙල්ලාලගේ,කසුන් රාජිත,මතීෂ පතිරණ සහ ලහිරු කුමාරයි.

ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේ ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතයි.

READ:   BREAKING: ආනයනික සෙසේජස් සහ මස් නිෂ්පාදන තොගයක ඌරූ උණ වෛරසය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්