Thursday, June 11, 2026
Homeදේශීයනුවර පෙරහැර යන පාරට කහ දිය වතුර දමන්නේ ඇයි?

නුවර පෙරහැර යන පාරට කහ දිය වතුර දමන්නේ ඇයි?

මේ දින වල පැවැත්වෙන ශ්‍රී දළදා පෙරහැර ගමන් කරන මාර්ගයට කහ දිය ඉසීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා.

එය සිදු කරනු ලබන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් බව සමාජ මාධ්‍යයේ ඇති ඡායාරූපයේ සඳහන් වෙනවා.

file

මෙම කහ දියරය ඉසීමේ පිංතුරය නිසා විවිධ අය විවිධ මත පල කරමින් සිටිනවා.

මේ පිළිබදව අප කල සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ. චාරිත්‍රයක් විදියට පෙරහැර පැවැත්වෙන සෑම දිනකම පෙරහැර පටන් ගැනීමට ප්‍රථම මාර්ගය දිගේ කහ දියර ඉසීම සිදු කරන බවයි.

පෙරහැර මාර්ගය පවිත්‍රව තබා ගැනීම කහ දියර ඉසීමේ අරමුණ වන අතර පාර දෙපස පිරිසිදු කිරීම, පාර අතුගෑම වැනි කටයුතු ද ඒත් සමග සිදු කරයි.

සුදු පැහැති ඇතිරිල්ලක් එලීමේ චාරිත්‍රය ද පෙරහර මංගල්‍යයක පවිත්‍රතාව වෙනුවෙන් සිදු කරන බව සඳහන්.

පෙරහැර නරඹන අයට පාර හරහා ගමන් කිරීමට ඉඩ නොදෙන අතර පෙරහැර අතරින් ගමන් කිරීමට ද ඉඩ ලබා නොදීමට හේතුවක් වන්නේ පිරිසිදු කළ මාර්ගයේ පවිත්‍ර තාවය පෙරහැර නිමා වන තුරු රැක ගැනීම සඳහා යි.

හින්දු ,කෝවිල් පෙරහැරවලදීත් මෙම චාරිත්‍ර දක්නට ලැබෙන අතර බොහෝ ආගමික කටයුතුවලදී කල්තියා බිමට කහදියර ඉස පිරිසිදු කිරීම සිදුකරයි.

බුද්ධ ප්‍රතිමාව, දේව ප්‍රතිමාව, කරඬුව ආදී පෙරහරින් වැඩම කරවන පූජනීය වස්තූන්ට තම උපරිම ගෞරවය පුද කිරීම මෙම කටයුතුවලින් බැතිමතුන් අපේක්ෂා කරයි.

READ:   පාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්