Sunday, April 26, 2026
Homeදේශීයචන්ද්‍රයාන් 3 සඳෙහි සිට සන්නිවේදනය අරඹයි

චන්ද්‍රයාන් 3 සඳෙහි සිට සන්නිවේදනය අරඹයි

ඉන්දීය “චන්ද්‍රයාන් -3” චන්ද්‍ර මෙහෙයුම සාර්ථක වී තිබෙනවා.

ඒ චන්ද්‍රයාන් -3 යානයේ වික්‍රමි ලෑන්ඩරය ඊයේ (23) සඳ මත සාර්ථකව ගොඩබෑමත් සමඟයි.

ඒ අනුව සඳ තරණය කළ ලොව සිව් වන රට බවට පත්වූ ඉන්දියාව චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවය ස්පර්ශ කළ ලොව පළමු රට බවට ද පත්වුණා.

පසුගිය ජූලි 14 වනදා ඉන්දියාවෙන් දියත් කෙරුණු චන්ද්‍රයාන් -3 යානය සති පහක පමණ කාලයක් සඳ වටා කක්ෂගත වෙමින් මෙලෙස සඳ ස්පර්ශය කරනු ලැබුවා.

සඳෙහි දක්ෂිණ ධ්‍රැවය මත ගොඩ බැස්සූ චන්ද්‍රයාන් – 3 යානය මේ වනවිට සාර්ථකව ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමඟ සන්නිවේදන කටයුතු ආරම්භ කළ බව එරට අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන ඉස්රෝ ආයතනය නිවේදනය කරනවා.

ප්‍රග්ඥාන් රෝවරය මේ වන විට සඳ මතුපිට ගමන් කිරීම ආරම්භ කර ඇති බවයි එම ආයතනය පැවසුවේ.

වික්‍රම ලෑන්ඩරය මගින් රැගෙන ගිය රෝවර් “ප්‍රාග්‍යාන්” යොදවා දින 14 ක කාලයක් තුළ සඳෙහි දක්ෂිණ ධ්‍රැවයේ ඝනීභවනය වූ ශීත ජලය හා දුර්ලභ ඛනිජ මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් මෙහිදී ගවේෂණය කිරීමට නියමිතයි.

READ:   පාස්කු ප්‍රහාරය ගැන ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන්!
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්