Thursday, May 14, 2026
Homeදේශීයපොලී අනුපාත ගැන මහ බැංකුව ගත් විශේෂ තීරණය

පොලී අනුපාත ගැන මහ බැංකුව ගත් විශේෂ තීරණය

නිත්‍ය පොලී අනුපාත නොවෙනස්ව තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව  නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 11% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින් සියයට 12% ක් වෙනවා.

උකස් පහසුකම් සඳහා වාර්ෂිකව 18%ක උපරිම පොලී අනුපාත සීමාවක් පැනවීම ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

මේ අතර තාවකාලික අයිරා මත වාර්ෂිකව සියයට 23ක සීමාවක් සහ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් මත වාර්ෂිකව 28%ක පොලි සීමාවක් පැනවීමටත් තීරණය කර ඇති බව සඳහන් වෙනවා.

සියලුම බලපත්‍ර ලාභී බැංකු වෙත මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

READ:   රෝහිත රාසමාණික්කම්ට ගහන්න පැනලා - පාර්ලිමේන්තුව උණුසුම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්