Sunday, October 18, 2026
Homeදේශීයඉන්දියාව යද්දී රුසියාවත් සඳ බලා යයි..

ඉන්දියාව යද්දී රුසියාවත් සඳ බලා යයි..

රුසියාවේ Luna-25  යානය රැගත් Soyuz 2.1v  රොකොට්ටුව අද සඳ බලා ගමන් ආරම්භ කර තිබෙනවා.

ඒ එරට වේලාවෙන් අද අලුයම 2.11ට යි.

වසර 47 කින් පසු රුසියාව සඳ මත යානයක් යෑවූ පළමු අවස්ථාව මෙය වෙනවා.

කිලෝ 800කින් බර යානය දින 5ක් තුළ සඳේ කක්ශයට ලඟා වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

එය අගෝස්තු 23 වනදා සඳේ දක්ෂිණ ධ්‍රැවය මත එය ගොඩ බෑමට නියමිතයි.

යානය සඳේ දක්ෂිණ ධ්‍රැවය තුළ වසරක කාලයක් රැදී සිට තොරතුරු ලබා දීමට නියමිතයි.

ඒ පසුගියදා ඉන්දියාව චන්ද්‍රයාන් -3 යානය සඳ වෙත යවා ඇති පසුබිමක යි.

චන්ද්‍රයාන් -3 යානය මේ වන විට සඳෙහි කක්ෂය වෙත ලඟා වී ඇත.

READ:   යතුරුපැදි අනතුරින් 23 හැවිරිදි තරුණයෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්