Wednesday, September 30, 2026
Homeදේශීයහදිසි මිලදී ගැනීමක් නොකළොත් විදුලිය කපන්න වෙනවා: විදුලි ඇමති කියයි..

හදිසි මිලදී ගැනීමක් නොකළොත් විදුලිය කපන්න වෙනවා: විදුලි ඇමති කියයි..

සමනලවැවේ ජලය මුදා හැරීම නිසා අගෝස්තු 16 වන විට සමනලවැව ජලාශයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම ඇණහිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ඊට පිළියමක් ලෙස විකල්ප විදුලිය මිලදී ගැනීමක් සිදු නොකලොත් ඉන්පසු අනිවාර්යයෙන්ම මාතර ,ගාල්ල , රත්නපුර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව අමාත්‍යවරයා පවසනවා.

අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

සමනල වැවේ ජලය එකාරාශී වන්නේ විදුලි උත්පාදනය වෙනුවෙන් ම බවත් කෘෂිකර්ම හෝ වාරිමාර්ග සඳහා එම ජලය යොදා ගන්නා බවට කිසිඳු ගිවිසුමක් නැති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

READ:   එදා ශිරාණි බණ්ඩාරනායකය එළවන්න File එක හැදුවේ ජනක - ඇමති කංචනගෙන් අනාවරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්