Wednesday, June 17, 2026
Homeදේශීයබාර් ඇරිය අයට වැඩ වරදී

බාර් ඇරිය අයට වැඩ වරදී

සුරාසල් විවෘත කිරීමට කිසිදු අවසරක් නොදුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා දිනමිණට ඊයේ (17) පැවසීය. අවසරයකින් තොරව විවෘත කර මත්පැන් අලෙවි කළ බලපත්‍රලාභීන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද හෙතෙම කීවේය.

රට පුරා පිහිටි සුරාසල් (වයින් ස්ටෝර්ස්) ඊයේ (17) දහවල් හදිසියේම විවෘත කිරීමත් සමඟ මත්පැන් ලෝලීන් දිගු පෝලිම්වල සිටිමින් මත්පැන් මිලදී ගැනීමට පියවර ගත්හ. නිරෝධායන ඇඳිරිනීතිය ලබන මස 1 දා තෙක් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබියදී වයින් ස්ටෝර්ස් විවෘත කිරීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිල වශයෙන් කිසිදු දැනුම් දීමක් කර නැති මුත් රට පුරාම මත්පැන්හල් විවෘත කර තිබිණි.

උපුටා ගැනීම දිනමිණ 

READ:   වී මිලදී ගැනීමේ ගැටලු වලට ඉක්මනින් පියවර ගන්නවාලු - කෘෂිකර්ම ඇමති
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්