Monday, April 20, 2026
Homeක්‍රීඩාICC හොඳම 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් තිදෙනෙක්

ICC හොඳම 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින් තිදෙනෙක්

මෙම වසර අගදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා සිම්බාබ්වේහිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් අතුරින් නම් කරන ලද හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

මෙම තරගාවලිය නියෝජනය කරන ලද කණ්ඩායම් වල ක්‍රීඩකයින් අතුරින් 11 දෙනෙකු නම් කර තිබෙන අතර එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක, පා දඟ පන්දු යවන වනිඳු හසරංග සහ පිට දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ එම ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.

මෙම තරග වාරයේදී ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක ශතක 2 ක් සමඟින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 69.5 ක් රඳවා තබා ගනිමින් මුලු ලකුණු 417 ක්ද වනිඳු හසරංග කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 12.9 ක් රඳවා තබා ගනිමින් කඩුලු 22 ක්ද මහීෂ් තීක්ෂණ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 12.23 ක් රඳවා ගනිමින් කඩුලු 21 ක් ද ලබා ගනිමින් එම ස්ථාන තහවුරු කර ගැනීමට සමත්ව සිටිති.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී නම් කරන ලද කණ්ඩායම

පැතුම් නිස්සංක ලකුණු 417 යි
වික්‍රම්ජිත් සිං (නෙදර්ලන්තය) – ලකුණු 326 යි කඩුලු 6 යි
බ්‍රෙන්ඩන් මැක්මුලන් (ස්කොට්ලන්තය) – ලකුණු 364 යි කඩුලු 13 යි
සෝන් විලියම්ස් (සිම්බාබ්වේ) – ලකුණු 600 යි කඩුලු 3 යි
බස් ඩී ලීඩ් (නෙදර්ලන්තය) – ලකුණු 285 යි කඩුලු 15 යි
සිකන්දර් රාසා (සිම්බාබ්වේ) – ලකුණු 325 යි)
ස්කොට් එඩ්වර්ඩ්ස් (නෙදර්ලන්තය) – ලකුණු 314 යි
වනිඳු හසරංග – කඩුලු 22 යි
මහීෂ් තීක්ෂණ – කඩුලු 21 යි
ක්‍රිස් සෝල් (ස්කොට්ල්නතය) – කඩුලු 11 යි
රිචඩ් න්ගරාවා (සිම්බාබ්වේ) – කඩුලු 14 යි

: NEWS.LK

READ:   පුංචි සිරීපාදය බලන්න ගිය විදෙස් තරුණයෙක් හදිසියේ මිය යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්