Thursday, July 30, 2026
Homeදේශීයෆේස්බුක් සාදයක් වටලයි..

ෆේස්බුක් සාදයක් වටලයි..

ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ සංවිධානය කළ සාදයක් වටලා පුද්ගලයින් 12 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පන්විල,මඩොල්කැලේ ප්‍රදේශයේ හෝටලයක මෙම මත්ද්‍රව්‍ය සාදය පවත්වා තිබේ.

සාදය සඳහා කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 112ක් සහභාගී වී ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් 10ක් සහ සාදය සංවිධානය කළ පුද්ගලයින් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ලඟ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය හමුවූ බව පොලිසිය පවසයි.

සැකකරුවන් වයස අවුරුදු 21 ත් 33ත් අතර වයස්වල පසුවන මාතර, නරම්වල,අඹතැන්න,උකුවෙල, ගම්පොල, නුවරඑළිය හා පේරාදෙණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පැවසුවා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

READ:   BREAKING NEWS: සමනල වැව ජලාශයෙන් ගොවීන්ට වතුර දෙන්න කැබිනට් අනුමැතිය..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්