Monday, September 28, 2026
Homeදේශීයනිවසේ ඇති කළ මාස දෙකක බලු පැටියා සපා කෑමෙන් 12 හැවිරිදි පාසල්...

නිවසේ ඇති කළ මාස දෙකක බලු පැටියා සපා කෑමෙන් 12 හැවිරිදි පාසල් සිසුවා මරුට..

නිවසෙහි හුරතලයට ඇති කළ මාස දෙකක් පමණ වන බලු පැටියකු සපා කෑමෙන් රෝගී වූ පාසල් සිසුවෙකු මාරන්තික ජලභීතිකා රෝගය වැලඳී පෙරේදා (05) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක්වූ කරුවිට කඳන්ගොඩ පාසලේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.

බල්ලා සපා කෑමෙන් අනතුරුව ඉකුත් 4 වනදා රත්නපුර ශික්ෂණ රෝහලට සිසුවා ඇතුළත් කර සිටියදී මෙලෙස මියගොස් ඇත.

බලු පැටියා නිශ්චිතවම දරුවා සපා කෑ දිනයක් නිවැසියන් විසින් හඳුනාගෙන නොමැතිවීමෙන් එන්නත් කර ගැනීම ප්‍රමාද වීම නිසා මෙම මරණය සිදුව ඇති බව කුරුවිට ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික කරුණාරත්න මහතා අදහස් දක්වමින් දිනමිණට පවසා ඇත.

READ:   ප්‍රදේශ රැසකට අදත් වැසි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්