Wednesday, June 17, 2026
Homeදේශීයදෙදරු මවක් අතුරුදහන්: සැමියා සහ දරුවන් සහය පතයි...

දෙදරු මවක් අතුරුදහන්: සැමියා සහ දරුවන් සහය පතයි…

ජා ඇල, යක්කඩුව ප්‍රදේශයේ අංක 577/06 දරන නිවසේ පදිංචිව සිටි දෙදරු මවක් ඉකුත් 10 වනදා සිට අතුරුදන්ව ඇත.

තුෂාරි ශානිකා පතිරණ කොළඹගේ නැමති ඇයගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් සැමියා විසින් ජාඇල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

තලෙළු පැහැයෙන් හා අඩි පහක පමණ උසකින් යුත් තම බිරිය අවසන්වරට දකින විට කළු පැහැති කලිසමකින් හා කහ පැහැති බ්ලවුසයකින් සැරසී සිටි බව සැමියා පවසනවා.

අවුරුදු 9ක් වයසැති 5 වසරේ ඉගෙනුම ලබන සිය පුතා සහ 2 වසරේ ඉගෙනුම ලබන හත් හැවිරිදි දියණියත් මව නැති ශෝකයෙන් හැඬු කඳුලින් පසුවන බව ඔහු පවසයි.

මේ හේතුවෙන් මෙම තැනැත්තිය පිළිබඳව තොරතුරක් දන්නා අයෙකු වෙතොත් ලඟම ඇති පොලිසියට හෝ 0774111645 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඇයගේ සැමියා ඉල්ලා සිටී.

READ:   නිවසේ ගින්නකට හසුවී කාන්තාවක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්