Wednesday, September 16, 2026
Homeදේශීය21 හැවිරිදි තරුණියක් දියේ ගිලෙයි.

21 හැවිරිදි තරුණියක් දියේ ගිලෙයි.

නිට්ටඹුව, අත්තනගල්ල ඔයේ දුල්මලේ පාලම අසල කාන්තාවක් දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.

පෙරේදා (01) සවස මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති කාන්තාව වයස අවුරුදු 21ක්වූ ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

ගුණසිංහපුර ප්‍රදේශයේ පිරිසක් සමඟ ඥාති නිවසකට පැමිණ ඇති එම කාන්තාව අත්තනගලු ඔයේ දිය නෑමට ගොස් සිටියදී දියේ ගිලී අතුරුදහන්ව ඇති බව පොලිසිය පවසනවා.

අතුරුදහන් වූ කාන්තාව සෙවීමේ කටයුතු පොලිසිය හා ප්‍රදේශවාසින් විසින් ආරම්භ කර ඇත.

නිට්ටඹුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ඩී.එස් සේනානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයට නව නිලධාරි මණ්ඩලයක් පත් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්