Thursday, October 29, 2026
Homeදේශීයබදුල්ලෙ PHIලා ලෙඩ නිවාඩු දාලා

බදුල්ලෙ PHIලා ලෙඩ නිවාඩු දාලා

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දනය සදහා ක්‍රියාත්මක වැඩපිළිවෙල නිසි පරිදි සිදිකිරීමට හැකියාවක් නොමැති නිසා මෙම තීරණයට එලබි බවයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“මේ නෛතික ක්‍රියාවලිය තුළ නිශ්චිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන රාජකාරි මොනවා ද කියන එක අපට පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ සඳහා ප්‍රධාන ලේකම්තුමා සහ සෞඛ්‍ය ලේකම්තුමා සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරා මේ තීරණ පරිදි ක්‍රියාත්මක වෙන්න කියලා. නමුත් ඒ තීරණ අද වෙනකල් ඔවුන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වෙලා තියෙනවා. මේ තුළ වෘත්තීය අයිතීන් දිනාගැනීමක් නෑ. බදුල්ලේ ජනතාවට ගුණාත්මකව මේ සේවය ඉටුකිරීමේ අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ. ඒ නිසා මෙහිදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට අපි සුදානම් වුණේ මහජනතාව ආරක්ෂා කරන්න.“

READ:   හිටපු ක්‍රීඩා ඇමතිගේ තීරණය බල රහිත කළ නව ක්‍රීඩා ඇමතිගේ නියෝගය
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්