Friday, June 5, 2026
Homeක්‍රීඩාසිම්බාබ්වේ කණ්ඩායම ප්‍රබල කොදෙව්වන් දන ගස්වයි

සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රබල කොදෙව්වන් දන ගස්වයි

ලොක කුසලාන සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 35 කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 49.5ක් අවසානයේ කඩුලු 05 ක් දැවී ලකණු 268 ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Sikandar Raza ලකුණු 68 ක් , Ryan Burl ලකුණු 50 ක් වශයෙන් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 44.4 ක් තුළ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 233ක් පමණයි.

ඒ අනුව තරගය ලකුණු 35 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

READ:   සාගල රත්නායකට එජාපයේ නව තනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්