Monday, July 27, 2026
HomeදේශීයBREAKING NEWS: අතුරුදහන් වූ සබ්මැරීනයට සිදුවූ දේ හෙළි වෙයි

BREAKING NEWS: අතුරුදහන් වූ සබ්මැරීනයට සිදුවූ දේ හෙළි වෙයි

අතුරුදහන් වූ සබ්මැරීනයේ සිටි සියලු දෙනා මියගොස් ඇති බව තහවුරු වී තිබේ.

අමෙරිකානු වෙරළාරක්ෂක බළකායේ විසින් මේ බව තහවුරු කර ඇත.

සබ්මැරීනය විසින් සුන්බුනූ බැලීමට ගිය ටයිටැනික් නෞකාව ආසන්නයේ තිබී ටයිටන් සබ්මැරීනයේ යැයි සැක කරන කොටස් 5ක් හමුව තිබේ.

ටයිටන් යාත්‍රාව පිපිරීමකට ලක්ව ඇති බව බලධාරින් ප්‍රකාශ කරනවා.

ඉකුත් ඉරිදා ටයිටන් සබ්මැරීනය ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා අත්ලාන්තික් සාගරය වෙත පිටත්ව ගොස් තිබුණා.

ඒ පුද්ගලයින් 5 දෙනෙකු සමඟයි.

සබ්මැරීනය පිටත්ව පැය එකහමාරකට පමණ පසු සබ්මැරීනයේ සියලු සබඳතා බිඳ වැටුණු බව සබ්මැරීනයේ හිමිකරු ඕෂන් ගේට් සමාගම පැවසුවා.

අතුරුදහන් වූ සබ්මැරීනය සොයා අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය තවත් රටවල් රැසක සහය ඇතිව දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළා.

READ:   දවසේ කාලගුණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්