Wednesday, July 29, 2026
Homeදේශීයවිදුලි සේවකයන්ගේ අර්ථසාධක හා විශ්‍රාම වැටුප් ගෙවන්න වෙනම ආයතනයක්

විදුලි සේවකයන්ගේ අර්ථසාධක හා විශ්‍රාම වැටුප් ගෙවන්න වෙනම ආයතනයක්

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව සේවක අර්ථසාධක අරමුදල් සහ විශ්‍රාම වැටුප් විශේෂ වූ ආයතනයක් මගින් ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේ වාර්ෂික සමුළුව අමතමින් අමාත්‍යවරයා අද (13) මේ බව පැවසුවා.

වර්තමානයේ සේවය කරන නිලධාරීන්ගේ සහ සේවයෙන් විශ්‍රාම ගොස් ඇති නිලධාරීන්ගේ සේවක අර්ථසාධක අරමුදල් සහ විශ්‍රාම වැටුප් ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව ද ඒ ආකාරයෙන්ම ඉදිරියට විශේෂ වූ ආයතනයක් මගින් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

READ:   ලිට්‍රෝ ගෑස් දැනෙන ගණනකින් මිල පහත දමයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්