Tuesday, September 8, 2026
Homeදේශීයලොරි රියදුරෙක් 19 හැවිරිදි තරුණ ජීවිතයක් බිලි ගනී..

ලොරි රියදුරෙක් 19 හැවිරිදි තරුණ ජීවිතයක් බිලි ගනී..

මීගහවත්ත, නුවර පාරේ නාරංවල ප්‍රදේශයේදී බියගම දෙස සිට වැලිවේරිය දෙසට ධාවනය වූ ලොරි රථයක් තවත් ලොරි රථයකට ඉස්සර කිරීමට යෑමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදු වුණා.

පෙරේදා (25) රාත්‍රියේ සිදුවූ එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු උඩුපිල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ (26) රාත්‍රියේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක් වූ මල්වාන ප්‍රදේශයේ තරුණයෙකි.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මීගහවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   ගල්අඟුරු නෞකා 07ක් මෙරටට ගෙන ඒමට පියවර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්