Friday, April 17, 2026
Homeදේශීයජෙරම් ප්‍රනාන්දු සමාව ඉල්ලයි..

ජෙරම් ප්‍රනාන්දු සමාව ඉල්ලයි..

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු සියලූම බෞද්ධ, මුස්ලිම් , හින්දු සහෝදර පිරිසගෙන් සමාව ඉල්ලා සිටින බවයි ප්‍රකාශ කළේ.

සූම් තාක්ෂණය ඔස්සේ විදෙස් ගතව සිට පැවැත් වූ දේව මෙහෙයක් අතර තුර ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් තමන් එදා පැවසු කරුණු සත්‍ය බව නැවතත් ප්‍රකාශ කරන බවයි ඒ මහතා පවසා ඇත්තේ.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අද (21) මෙරටට පැමිණෙන බව සිය Instagram ගිණුමේ සටහන් කර තිබුණ ද ඔහු අද දිවයිනට පැමිණ තිබුණේ නැහැ.

READ:   ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්