Monday, July 27, 2026
Homeදේශීයරුසියාවට එරෙහිව යුක්‍රේනයට අමෙරිකාවෙන් ලැබුණු හදිසි අවසරය..

රුසියාවට එරෙහිව යුක්‍රේනයට අමෙරිකාවෙන් ලැබුණු හදිසි අවසරය..

යුක්‍රේන ගුවන් නියමුවන්ට, අධි බලැති එෆ් සික්ස්ටීන් (F 16) ප්‍රහාරක ජෙට් යානා පැදවීම පුහුණු කිරීමට අමෙරිකානු ජනාධිපති, ජෝ බයිඩ්න් සිය අනුමැතිය ලබා දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ඊයේ (19) ජපානයේ පැවති G7 සමුළුවේදීයි.

මෙම අධිබලැති ප්‍රහාරක ජෙට් යානා භාවිත කිරීමෙන්, රුසියාවට එරෙහි යුද්ධයේදී යුක්‍රේනයට වැඩි වාසියක් ලබාගත හැකි බව, යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙස්න්කි අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර තිබෙනවා.

නමුත් මීට පෙර අමෙරිකාව ඊට නිසි ප්‍රතිචාරයක් ලබා දුන්නේ නැහැ.

G7 සමුළුවේදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක්ද අමෙරිකාවේ පුහුණු වැඩසටහන සඳහා සහය ලබාදෙන බවට පවසා තිබෙනවා.

READ:   හත් වන මහලින් ඇද වැටී ව්‍යාපාරිකයෙක් මරුට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්