Sunday, May 3, 2026
Homeදේශීයඅන්තර්ජාතික රග්බි සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව දොට්ට..

අන්තර්ජාතික රග්බි සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව දොට්ට..

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සාමාජිකත්වය
අන්තර්ජාතික රග්බි ආයතනය විසින් අත්හිටුවනු ලැබ තිබෙනවා.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ පාලනය සහ දේශපාලන මැදිහත්වීම් සම්බන්ධ ලෝක රග්බි අතුරු නීති කඩකිරීමක් පිළිබඳව මතුව ඇති ගැටලුවලට ප්‍රතිචාර දක්වමින්, මෙම තීරණයට එලැඹි බව අන්තර්ජාතික රග්බි ආයතන නිල වෙබ් අඩවියේ දැක්වෙනවා.

ලෝක රග්බි කවුන්සිලය සහ ආසියා රග්බි සංගමය, ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට සිදුවිය හැකි බාධා අවම කිරීම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර සම්මේලනය සහ කලාපීය සංගමය සියලු පාර්ශ්වකරුවන් සමග එක්ව කටයුතු කරන බවට එකඟ වී ඇතැයි, අදාළ නිවේදනයේ සඳහන් වෙනවා.

READ:   ගෝඨාභය, මහින්ද, ජොන්ස්ටන්, පොලිස්පති, දේශබන්දු ඇතුළු රැසක් වගඋත්තරකරුවන් කරමින් විමර්ශන ඉල්ලා පැමිණිල්ලක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්