Friday, April 24, 2026
Homeදේශීයරේල් බස් රථයක් ගසක ගැටීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

රේල් බස් රථයක් ගසක ගැටීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

පොල්ගහවෙල හන්දිය සහ පොතුහැර දුම්රිය ස්ථානයන් අතර දී දුම්රිය මාර්ගයට ගසක් වැටීම නිසා ප.ව.01/45 ට මහව හන්දිය සිට පොල්ගහවෙල හන්දිය දක්වා ධාවනය වූ රේල් බස් රථය පීලි පැනීමකට ලක්ව ඇත.

මේ හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාවය නිසා උතුරු දුම්රිය මාර්ගයේ පහල දෙසට ධාවනය වන දුම්රියන් කුරුණෑගල සහ පොතුහැර දුම්රිය ස්ථානයන් වලදීත්, ඉහළ දෙසට ධාවනය වීමට නියමිත දුම්රියන් පොල්ගහවෙල හන්දිය දුම්රිය ස්ථානයේ දී ත් බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වීමට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   ඉහළම තනතුරේ සිට පාර අතුගාන තැන දක්වා දූෂණයෙන් පිරිලා - හිටපු විගණකාධිපති (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්