Thursday, August 13, 2026
Homeදේශීයබස් රථයක ගැටී පාපැදිකරුවෙක් මරුට

බස් රථයක ගැටී පාපැදිකරුවෙක් මරුට

ඊයේ (24) උදෑසන කිරිදිවැල ගම්පහ මාර්ගයේ බෙලිගහමුල බස් නැවතුම ඉදිරිපිට දී කිරිඳිවැල සිට ගම්පහ දෙසට ධාවනය වූ පාසැල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක පාපැදියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු මල්වතුහිරිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිය බව පොලීසිය පවසනවා.

අනතුරින් මියගිය පුද්ගලයා වයස අවුරුදු 28 ක් වූ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිරිඳිවැල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   නිමක් නැති ගැටුමක්, අලි ප්‍රශ්නයක් බවට පත්වූ වාහල්කඩ ජනතාවගේ ජනජීවිත කබලෙන් ලිපට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්