Thursday, June 18, 2026
Homeදේශීයසේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්..

විදුලි බල සැපයීම, ඛනිජ තෙල්, තැපැල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව ජනාධිපති ලේකම්වරයා විසින් ⁣මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධයෙන් වන සියලුම සේවා, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, තැපැල් සේවය, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම, ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත්කර තිබෙනවා.

අදාළ ආයතනවලින් සපයනු ලබන සේවාවන් සමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය බැවින් එම සේවාවල අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

READ:   සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි..(VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්