Tuesday, September 15, 2026
Homeදේශීයරිළවුන් අල්ලන්න අමුතු කූඩුවක්

රිළවුන් අල්ලන්න අමුතු කූඩුවක්

රිළවුන් ඇල්ලීම සඳහා දුරස්ථ පාලකයකයින් ක්‍රියාත්මක කළ හැකි විශේෂ කූඩු වර්ගයක් හඳුන්වා දීමට සැළසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම කූඩු භාවිතා කිරීම සඳහා රිළවුන් අල්ලනු ලබන පුද්ගලයින්ට විශේෂ පූහුණුවක් ලබා දීමට ද නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

චීනයේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් 100,000ක් ලබා දෙන ලෙස කර ඇති ඉල්ලීම පරිදි මේ වනවිට ඇතැම් පරිසර සංවිධාන හා විවිධ පුද්ගලයින් විසින් නොයෙකුත් විවේචන එල්ල කළත් තම වගාබිම්වලට රිළවුන් ඇතුළු අනෙකුත් සතුන් විසින් සිදු කරන හානිය සඳහා විරෝධය පළ කරන කිසිදු පුද්ගලයෙක් හෝ සංවිධානයක් තම ගැටලුවලට විසඳුම් ලබා දී නැති බවත් ගොවි සංවිධාන පවසයි.

READ:   කලා විෂයන් හැදෑරු අයත් හෙද සේවයට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්