Sunday, September 27, 2026
Homeදේශීයසිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අදයි

සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව අදට යෙදී තිබේ.

අද (14) අපරභාය 2.59 ට නව අවුරුදු උදාව සිදුවෙනවා. පුණ්‍ය කාලය අද පූර්වභාග 8.35 සිට අපරභාග 9.23 දක්වා යෙදී තිබෙනවා.

අද උදෑසන 8.35 ට පෙර ආහාර අනුභව කොට සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව නැකත් පත්‍රයේ සඳහන් වෙනවා.

ආහිර පිසීමේ නැකත යෙදී ඇත්තේ අද අපරභාග 3.29 යට යි. එහිදී විචිත්‍ර වර්ණයෙන් යුත් වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිනි මොළවා දීකිරි මිශ්‍ර කිරිබතක් ද තල සහ විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවැයි අවුරුදු නැකැත් පත්‍රයේ සඳහන් වෙයි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය යෙදී ඇත්තේ අද අපරභාය 5.05 ට යෙදෙන නැකතෙදියි.

හිසිතෙල් ගෑමේ නැකත 16 වන ඉරිදා උදෑසන 9.41 ට යෙදී ඇත.

READ:   රාජපක්ෂවරු හා ජැක්සන්ට ආ චෝදනා ගැන සුනිල් ආරියරත්න ජැක්සන් ඇන්තනිගේ දේහය ඉදිරිපිට දී කියයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්