Saturday, April 18, 2026
Homeදේශීයත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ලබන 25 පාර්ලිමේන්තුවට - විජයදාස රාජපක්ෂ

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ලබන 25 පාර්ලිමේන්තුවට – විජයදාස රාජපක්ෂ

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පවසනවා.

මීට පෙර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණේ, පසුගිය 4 වැනි දා.

නමුත් පාර්ශ්ව රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කළ බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසනවා.

ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්නැයි තමන් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සඳහන් කරයි.

READ:   ජයග්‍රාහණය සඳහා පාකිස්තානයට ලකුණු 131ක ඉලක්කයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්