Thursday, July 23, 2026
Homeදේශීයගාලු කුමාරියෙන් ඇද වැටුණු 25 හැවිරිදි තරුණයෙකුගේ කකුල් දෙකටම බරපතළ හානි.. (PHOTO)

ගාලු කුමාරියෙන් ඇද වැටුණු 25 හැවිරිදි තරුණයෙකුගේ කකුල් දෙකටම බරපතළ හානි.. (PHOTO)

කොළඹ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ගාලු කුමාරි දුම්රියේ පාපුවරුවෙන් පුද්ගලයෙක් වැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ, එම දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානය වෙත ළඟාවන අවස්ථාවේදී.

අනතුරින් තරුණයාගේ පාද දෙකටම බරපතල හානි සිදුව තිබෙනවා.

ඔහු 25 හැවිරිදි වියේ පසුවන වැලිගම, උඩුපිල පදිංචිකරුවෙක්.

දුම්රිය මගීන්ගේ තෙරපීමත් සමග දුම්රියෙන් ඇද වැටී, දුම්රියටම ඔහුගේ පාද දෙක හසු වී තිබෙන බව වාර්තා වෙනවා.

තුවාල ලැබූ තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

READ:   කොන්දේසි සහිතව ග්ලයිෆොසෙට් ආනයනයට අවසර
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්