Thursday, April 23, 2026
Homeදේශීයනිකන් ඉඳලා පඩි ගන්න තෙල් සේවකයෝ - මරික්කාර්

නිකන් ඉඳලා පඩි ගන්න තෙල් සේවකයෝ – මරික්කාර්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින් නිකන් සිටිමින් පඩි ගන්නා බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසනවා.

දූපත් මානසිකත්වයෙන් මිදී රජය පෙට්ට්‍රෝලියම් වෙළඳපොල විවෘත කර යුතු බව ඔහු පෙන්වා දෙනවා.

වර්තමානයේදී රජය වෙළඳාමෙන් ඉවත්ව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

පෙට්ට්‍රෝලියම් වෙළඳපොල විවෘත කිරීමට තමන් පෞද්ගලිකව කැමති බව පැවසු මන්ත්‍රීවරයා ලෝකෙට විවෘත වෙළඳපොල තුළ තරඟකාරිත්වය වැඩි වන තරමට පාරිභෝගිකයාට එහි වාසිය ලැබෙන බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   ස්ථිර සැලස්මක් ඉදිරිපත් නොකරන කිසිවෙකුට ජන්දය දෙන් නෑ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්