Friday, August 14, 2026
Homeදේශීයවිදෙස් සමාගම් 3කට ඉන්ධන පිරවුම් හල් 450ක් බෙදා දෙයි

විදෙස් සමාගම් 3කට ඉන්ධන පිරවුම් හල් 450ක් බෙදා දෙයි

මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසීමට විදෙස් සමාගම් තුනක් සඳහා අවස්ථාව ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම වෙනුවෙන් වසර 20 ක් සඳහා එම සමාගම් වලට මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා.

ටුවිටර් පණිවිඩයක් තබමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

දැනට ඛනිජ තෙල් සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හල් 150 බැගින් අදාළ විදෙස් සමාගම් තුන සඳහා බෙදා දීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   BREAKING- ඉන්ධන මිල ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්