Friday, May 1, 2026
Homeදේශීයවිදෙස්ගත වූවන් ගෙන්වා ගැනීමේ කාල රාමුවක් කීම ප්‍රායෝගික නෑලු - නිමල් සිරිපාල

විදෙස්ගත වූවන් ගෙන්වා ගැනීමේ කාල රාමුවක් කීම ප්‍රායෝගික නෑලු – නිමල් සිරිපාල

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නිශ්චිත කාල රාමුවක් ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) පැවසීය.  ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මුදල් ගෙවා නිරෝධායනය වීමට හැකියාවක් නොමැති ශ්‍රී ලාංකිකයන් සඳහා බල කිරීමකින් තොරව නොමිලේ අදාළ පහසුකම් රජය විසින් ලබා දී ඇති බව ද ඇමැතිවරයා පැවසීය.

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

2019 පෙබරවාරි මාසයේ දී වූහාන් නගරයේ සිටි සිසුන් 33 දෙනකු මෙරටට රැගෙන ආ දිනයේ සිට ශ්‍රී ලංකා රජය මේ දක්වා විදේශයන්හි අසරණ වූ විවිධ ක්ෂේත්‍රයන්හි නියැළී සිටි ශ්‍රී ලාංකිකයන් 61, 750 කට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවත් තවත් රටවල් 137ක වෙසෙන ශ්‍රී ලාංකිකයන් 69, 000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වී ඇති බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් අනිවාර්ය නිරෝධායන කාල සීමාව දින 14ක් වන අතර ගෙවීම් කර නිරෝධායන ස්ථානයක නවාතැන් ගන්නා ලෙස ඉල්ලා සිටින කිසිදු ප්‍රතිපත්තියක් හෝ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කර නොමැති බව ද පැවසීය.

එබැවින් රජය මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 31ක් පවත්වාගෙන යනු ලබන අතර විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකියන් මේ මධ්‍යස්ථාන තුළ නිරෝධායනය කරනු ලැබේ. එසේම දැනට හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල සම්පූර්ණ ධාරිතාව 5000 – 6000ක් පමණ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

දිනමිණ

READ:   COVID 19 ට රුසියාව සොයාගත් බෙහෙත
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්