Monday, September 28, 2026
Homeදේශීයහරි පාරේ ඩොලර් එවූ අය සඳහා විදුලි කාර් ගෙන්වයි

හරි පාරේ ඩොලර් එවූ අය සඳහා විදුලි කාර් ගෙන්වයි

නීත්‍යානුකූල බැංකු ක්‍රමය ඔස්සේ මෙරටට මුදල් එවූ විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් තීරු බදු සහන සහිතව විදුලි වහන ආනයනය කරීම ඊයේ (09) ආරම්භ වුණා.

නිත්‍යානුකූල බැංකු ක්‍රමය ඔස්සේ විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවන ලද මුදල්වලින් අඩක වටිනාකමට සමාන සී.එෆ්.අයි වාහන තීරු බදු සහන සහිතව ආනයනය කිරීමට පෙර තීරණය කළ පරිදි කටයුතු කළ බව මේ පිළිබඳ අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.

මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව විදෙස් ශ්‍රමිකයන් සිය සුභවාදි ප්‍රතිචාර දැක්වූ බවත් ඔවුන් නිත්‍යානුකූල ක්‍රම ඔස්සේ මෙරටට මුදල් එවීම ඉහළ යමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

READ:   පොලිස්පතිවරයෙක් නැතුව දවස් 12යි..පැය 48ක් ඇතුළත තීරණය අවශ්‍යයි! - ඩලස් අලහප්පෙරුම
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්