රටේ දූෂණය නිසා ජනතාව අරගලයක් දක්වා පැමිණි බවත් රටේ ඉහළම තැන සිට සිදුවෙන දූෂණය ගැන කතාකිරීමට විගණකාධිපතිවරයා තරම් සදුස්සෙකු නැති බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා.
නිර්පාක්ෂික අරගලකරුවන් විසින් පසුගියදා ජනතා විප්ලවයක් මැයෙන් සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනට සහභාගිවෙමින් හිටපු විගණකාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
රටේ ඉහළම තනතුරේ සිට පහළම තනතුර දක්වා මෙරට සියලු රාජ්‍ය ආයතන දූෂණයෙන් පිරි පවතින බව ඒ මහතා පෙන්වා දෙනවා.
විගණකාධිපතිවරයා විසින් වාර්ෂිකව රාජ්‍ය ආයතන 1500 ක වංචා දූෂණ පිළිබඳ වාර්තා සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලත් ඒ කිසිඳු වාර්තාවක් පිළිබඳව නිසි පියවරක් රජය විසින් නොගන්නා බව ඒ මහතා අවධාරණය කරනවා.
එවැනි දූෂණයෙන් පිරුණු රටක ජීවත් වෙන ජනතාව ද දේශපාලන වශයෙන් බෙදී වෙන්වී හැසිරෙන මෝඩ ජනතාවක් බවට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
විස්තර සහිත විඩියෝව පහතින්,


