Saturday, April 18, 2026
Homeදේශීයඅද සුළං සමඟ තද වැසි

අද සුළං සමඟ තද වැසි

දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අද (28) දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

උතුරු පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කවලත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තරමක තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

READ:   අසාධාරණ බදු ප්‍රතිපත්තීන්ට විරුද්ධව වරාය සේවකයින් පාරට බසී (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්