Sunday, July 26, 2026
Homeදේශීයශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2,500ක මුදල් ඉතිරියක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2,500ක මුදල් ඉතිරියක්

ආනයනය අත්හිටවූ දිනයේ සිට මේ දක්වා කාලය තුළ රජය ඇමරිකානු ඩොලර් මිලියන 2,500ක මුදල් ඉතිරියක් ලබා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මෙලෙස වියදම් ඉතිරි කර ගැනීම හරහා ඉන්ධන, ඖෂධ, පොහොර වැනි අත්‍යවශ්‍යය ද්‍රව්‍ය හිගයකින් තොරව ආනයනය කර ගැනීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

හදාගැනීමට හැකි සරුංගල්,වෙසක් කූඩූ,දැහැට් කූරූ පමණක් නොව නුවරඑළියේ වැවෙන රෝස මල් පවා මීට පෙරදී රටට ආනයනය කළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙරට ඉතිහාසයේ ආර්ථික සහ දේශපාලනය අතින් දැඩි දුශ්කරම කාලය වු 2022 වසරේ දී ද, ආදායම් ඉලක්ක වෙත ලඟා වූ රේගු දපාර්තුමේන්තුවේ නිලධාරීන්ට සිය ස්තුතියි පළ කරන බව ඊයේ (26) රේගු දිනය නිමිත්තෙන් පැවති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

READ:   තරුණ තරුණියන්ට ජන සභාවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්