Monday, July 27, 2026
Homeදේශීයආනන්ද පාලිත සහ සංජීව ධම්මික ඇප මත නිදහස් (VIDEO)

ආනන්ද පාලිත සහ සංජීව ධම්මික ඇප මත නිදහස් (VIDEO)

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීම සහ සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සහ විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික යන අය ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

පසුගිය 23 වනදා කොල්ලුපිටිය පොලිසිය සහ අපරාධ කොට්ඨාශය විසින් ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන අය අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරණු ලැබුවා.

අදාළ විඩියෝව පහතින්,

READ:   රට යවනවා කියලා මුදල් ගරන අය ගැන දැනුම් දෙන්න අංකයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්