Friday, April 24, 2026
Homeක්‍රීඩාප්‍රබල ඉන්දියාව බංගලියන්ට පරදී

ප්‍රබල ඉන්දියාව බංගලියන්ට පරදී

සංචාරක ඉන්දියානු කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින තරඟය ඊයේ (04) ම්ර්පූර්හිදී පැවැත්වුණා. එම තරඟයෙන් කඩුලු 01 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය කණ්ඩායමේ ආරාධනයෙන් බංග්ලාදේශ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දියානු කණ්ඩායමට පන්දුවාර 41 තුළ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 186 ක් පමණයි.

187 ක ජයග්‍රහී ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 9 ක් දැවි පන්දුවාර 46 ක් අවසානයේදී සිය ඉලක්කය පසුකර ගියා.

බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය Mehidy Hasan ලකුණු 38ක් ලබාගත්තා. ඒ අනුව තරඟය කඩුලු 01 කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

READ:   කොවිඩ් මරණ භූමදාන චක්‍රලේඛය කඩිනමින්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්