Saturday, July 25, 2026
Homeදේශීයචාමික කරුණාරත්නට ඇෆ්ගනිස්ථාන තරඟාවලිය අහිමිවීමට හේතුව

චාමික කරුණාරත්නට ඇෆ්ගනිස්ථාන තරඟාවලිය අහිමිවීමට හේතුව

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ගනිස්ථාන තරඟාවලිය සඳහා තෝරා නොගැනීමට හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටු සභාපතිවරයා ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

ඇෆ්ගනිස්ථාන තරඟාවලිය සඳහා චාමික කරුණාරත්න තොරා නොගැනීමට පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී චාමික කරුණාරත්න හැසුරුණු ආකාරය හේතුවක් වූ බව තේරුම් කමිටු සභාපතිවරයා පවසනවා. ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වූඩ් ද එම හැසිරීම් පිළිබඳ අකමැත්තෙන් පසුවූ බව ලිපියේ සඳහන්.

චාමික කරුණාරත්න ලෝක කුසලාන තරඟාවලියේදී ඕස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලංකා කාන්තාවක් හමුවීමට අවධානය යොමු කළ බවත් අසනීප යැයි පවසමින් පුහුණු සැසි කිහිපයකට සහභාගි නොවූ බව ද ලිපියෙහි සඳහන් වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුවේ සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ විසින් චාම්ක කරුණාරත්න පිළිබඳ මෙම ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කර තිබෙනවා.

READ:   රිෂාඩ් බදියුදීන් පාස්කු ප්‍රහාර නඩුවෙන් නිදොස්කොට නිදහස් කෙරේ (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්