Monday, September 14, 2026
Homeදේශීයරාජ්‍ය ආයතනවල කාර්ය සාධනය මැනීමට යයි

රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය මැනීමට යයි

රාජ්ය ආයතනවල කාර්ය සාධනය මැන බැලීම සඳහා ප්‍රධාන කාර්ය දර්ශක ක්‍රමය (KPIs / Key Performance Indicators) යොදා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවති ජාතික සභා අනුකමිටුවේදී තීරණය කර තිබෙනවා.

රජයේ සේවය කාර්යක්ෂම සහ වඩාත් ථලදායි ආයතනයන් බවට පත්කිරීමේ අරමුණින් රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ගේ ප්‍රගතිය සමාලෝචනය කල හැකි ආකාරයට නව ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා ජාතික සභා අනුකමිටුවේදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබුණා.

ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡා කර ඉදිරි සතිය තුළදී නව ප්‍රතිපත්ති සම්පාදනය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මධ්‍ය අංශය දැනුම් දී සිටියා.

READ:   ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් අමෙරිකාවේ උසාවියක් ඉවත දමයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්