Tuesday, June 2, 2026
Homeදේශීයඅධ්‍යාපන ක්ෂේත්‍රයේ බිඳ වැටීම අද සියදිවි හානි කර ගන්නා තැනට ඇවිල්ලා -...

අධ්‍යාපන ක්ෂේත්‍රයේ බිඳ වැටීම අද සියදිවි හානි කර ගන්නා තැනට ඇවිල්ලා – ආචාර්ය හරිනි අමරසූරිය (VIDEO)

ගෙවුණු අවුරුදු දෙක තුළදී මෙරට අධ්‍යාපනය මගින් බලාපොරොත්තු වෙන කිසි දෙයක් ඉටු නොවුණු බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

වර්තමානය වන විට විභාග පැවැත්වීම, ප්‍රතිඵල නිකුත් කිරීම, විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතළත් කරගැනීම වැනි සියලු කාරණාවන් නිවැරදිව ආකරයට සිදු නොවන අර්බුදයන් බවට පත්ව ඇති බවයි ඇය පවසන්නේ.

නිසි කාලයට කටයුතු සිදු නොවීම නිසා ආධ්‍යාපන ක්ෂේත්‍රය ගැන පැවති විශ්වාසය බිඳ වැටී ඇති බව පවසන ඇය කොවිඩ් වසන්ගත තත්වය නිසා වැසුණු පාසැල් අද ආර්ථික අර්බුදය හමුවේ දැඩි පීඩනයට පත්ව ඇති බව පෙන්වා දෙනවා.

විභාගයන් පවත්වනවා වෙනුවට විභාගයන් පැවැත්වීම මිස, නොකා නොබී පාසැල් පැමිණෙන දරුවන් සහ ගුරුවරුන්ගේ මානසිකත්වය සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු අවධානයක් ලක් නොකරන බව ඇය පවසනවා.

සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය තළ පිඩනය වැඩි වීම තෙරුම් ගෙන ඊට පිළියම් යෙදීම සඳහා ආණ්ඩුව මැදිහත් වීය යුතු බව පවසන ඇය, මේකි සියලු තත්වයන් නිසා සියදිවි හානි කර ගැනීමේ තත්වයන් ඇතිවී ඇති බවත් එහෙත් ඒවාට නිවැරදි දත්ත රැස්කිරීමක් සිදු නොවන බවත් පෙන්වා දෙනවා.

නිවැරදි දත්ත ලබා ගනිමින් තරුණ ජීවිතවල මනෝ සමාජීය යහපැවැත්ම ගොඩනැගීම සඳහා ආණ්ඩුව මෙකී කාරණයන් තෙරුම් අරගෙන මැදිහත් විය යුතු බවයි.. ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ,

READ:   සුදුවෙන්න ගාන ක්‍රීම් ගැන අනතුරු ඇඟවීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්