කොළඹ නගරයේ හදවතට සමීප භූමියක පිහිටි, ඓතිහාසික උරුමයන්ගෙන්
සමන්විත The Steuart by Citrus, පුළුල් ප්‍රතිසංස්කරණ කාර්යයකින් පසුව නැවත
විවිෘත කිරීම සම්බන්ධයෙන් වන නිවේදනය පසුගියදා Citrus Leisure PLC ආයතනය
මගින් සිදු කරන ලදී. නවීන පහසුකම් සමඟ සිය අනන්‍යතාවය සහ ඓතිහාසික
චමත්කාරය මුර්තිමත් කරමින් නිර්මාණය කර ඇති මෙය, සංචාරකයින් සඳහා
සුන්දර අත්දැකීමක් ලබාදීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇත.
දේශීය මෙන්ම ගෝලීය වශයෙන්ද පැරණිතම ව්‍යාපාරික ආයතනයක් වන George
Steuart & Co. හි නාගරික මූලස්ථානය, මෙන්ම ඓතිහාසික උරුමයන් රැසකින් යුතු
Steuart House හි පිහිටා ඇති මෙම සුන්දර ගමනාන්තය, 1835 වසරේදී බ්‍රිතාන්‍ය
නාවික නිලධාරියෙකු වූ ජේම්ස් ස්ටුවර්ට් සහ ඔහුගේ සහෝදරයන් වූ ජෝර්ජ් සහ
ජෝසප් විසින් ආරම්භ කරන ලදී.
කොළඹ වාණිජ උරුමයන්ට යටත්විජිත සමය නැවත ජීවමාන කරමින් උරුම
කරගත් The Steuart by Citrus, සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරණ ලද කාමර
44කින් සමන්විත වේ. සාම්ප්‍රදායික ස්කොට්ලන්ත චමත්කාරය හා උණුසුම් වූ ශ්‍රී
ලාංකීය ආගන්තුක සත්කාරය එකට ගැලපෙමින් සංචාරකයින් සහ ව්‍යාපාරිකයින්
සඳහා අමතක නොවන අත්දැකීම් රැසක් ලබාදීමට මෙම ආයතනය ඉදිරිපත්ව
වේ.
මෙම හෝටලයේ වඩාත් ආකර්ෂණීය හා වැදගත් ස්ථානය වන්නේ George Steuart &
Co හි පැරණිතම මණ්ඩල ශාලාව (boardroom) ය. ඓතිහාසික වශයෙන් වැදගත්
මෙම ස්ථානය වත්මන් භාවිතයට යෝග්‍ය පහසුකම් රැසකින් යුතුව නවීන අයුරින්
නිර්මාණය කර ඇති අතර, එහි සංවිධානය කරන රැස්වීම් සහ ආයතනික උත්සව
සඳහා නව වටිනාකමක් එකතු කිරීම විශේෂත්වයකි.
නව මුහුණුවරකින් යූතු &Co Pub and Kitchen, රසවත් ආහාර වර්ග, පානයන් සහ
ආශ්වාදනීය පිළිගැනීමක් සමඟ ආකර්ෂණීය අත්දැකිමක් ලබාදීමට ඉදිරිපත්වන
අතර, මෙය දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ඉහළ ආකර්ශනය දිනා ගැනීමට
සමත් වනු ඇත.
මෙම අවස්ථාව සම්බන්ධයෙන් Vintage Pub අධ්‍යක්ෂ සහ Citrus Leisure PLC හි
ප්‍රධාන විධායක නිලධාරි චන්දන තල්වත්ත මහතා මෙසේ අදහස් පුකාශ කළේය.
“අප ආයතනයටත්, කොළඹ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයටත් සුවිශේෂ
සේවාවක් සපයමින් The Steuart by Citrus සෑම විටම කටයුතු කර ඇත. ගෞරවණීය
හා ජවසම්පන්න ඉතිහාසයකට උරුමකම් කියන George Steuart & Co හි අභිමානය පිළිබිඹු කරන මෙම හෝටලය, නැවත ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයට පිවිසීම
සම්බන්ධයෙන් අප සතුටට පත්වෙමු. මෙහි ගෞරවණීය හා ආකර්ෂණීය
අත්දැකීම ලබාගැනීමට සියලු දෙනාටම අප ආරාධනා කරමු.”






