ලෙබනනයේ බීරුට් නුවරදී පෙරේදා සිදුවූ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ නියෝජ්‍ය නායක සලේ අල් හරූරි ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ප්‍රහාරයෙන් හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායකයාගේ මිය යෑම ප්‍රතික්ෂේප කිරීමක් හෝ පිළිගැනීමක් ඊශ්‍රායලය විසින් සිදු කර නොමැත.
කෙසේ වෙතත් මියගිය පිරිස අතර හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ද වන බවත් මෙය බියගුලු ඝාතනයක් බහත් පලස්තීනය හා හමාස් දේශපාලන මණ්ඩලය පවසනවා.
හෙස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයේ ඩ්‍රෝන ප්‍රහාරය ලෙබනනයේ ස්වෛරීභාවයට ඒල්ල වූ තර්ජනයක් බවයි.


