Thursday, March 12, 2026
Homeදේශීයවතුර හොයන සතුන්ට වස දී මරා, මස් විකුණන මහ පරිමාණ ජාවාරමක්

වතුර හොයන සතුන්ට වස දී මරා, මස් විකුණන මහ පරිමාණ ජාවාරමක්

නියගයට හසුව ඇති ප්‍රදේශවල ඉතිරිව ඇති කුඩා ජල පහරවලට වස මුසු කර වන සතුන් දඩයම් කරන ජාවාරම් සිදුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ හේතුවෙන් නොදන්නා ප්‍රදේශවලට ගොස් දඩමස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙස එහි සභාපති උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විල්පත්තුව , යාල, උඩවලව වැනි සංරක්ෂිත අභය භූමි සහ වනාන්තර ආශ්‍රිතව මෙම ජාවාරම සිදුවන බවට තොරතුරු ලැබී ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

මාතර, හම්බන්තොට, පුත්තලම, අනුරාධපුර මඩකලපුව, පොලොන්නරුව වැනි ප්‍රදේශවල යන සංචාරකයින්ට එලෙස ඝාතනය කළ සතුන්ගේ මස් දඩමස් ලෙස අලෙවි කරන බවට අනාවරණය වී තිබෙනවා.

මෙම මස් අනුභව කිරීමෙන් ක්ෂණිකව මරණය ඇතිවිය හැකි බවත් යම් හෙයකින් එම මස්වල විෂ රැදිලා තිබුණහොත් ශාරීරික ආබාධ සහ දීර්ඝ කාලීන ආබාධ ඇතිවිය හැකි බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටිනවා.

READ:   ලෝක සාගර දිනය අදයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්