ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ස්කොට්ලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ස්කොට්ලන්තය සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසීමට නියමිතයි.