සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද පැවති තරගය ලකුණු 21 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ තියුණු තරගයකින් අනතුරුවයි.
කාසිය වාසිය දිනා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 213 ක් රැස් කළා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුණු 93ක් (111) , දිමුත් කරුණාරත්න ලකුණු 33ක් (51) මශේෂ් තීක්ෂණ ලකුණු 28ක් (47) වශයෙන් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 192 ක් පමණයි.
ඒ පන්දුවාර 40 ක් තුළදීයි.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහේෂ් තීක්ෂණ කඩුලු 03 ක් දවාගත්තා.
මේ අතර වනිඳු හසරංග කඩුලු 02ක් , ලහිරු කුමාර 01 කඩුල්ලක් වශයෙන් දවා ගත්තා


