Thursday, March 12, 2026
Homeදේශීයරත්‍රං කිලෝ 32ක් අත්අඩංගුවට

රත්‍රං කිලෝ 32ක් අත්අඩංගුවට

මෙරට සිට රත්‍රං කිලෝ 32 ක තොගයක් නීතිවිරෝධිව රැගෙන ගිය පුද්ගලයින් පස්දෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඉන්දීය වෙරළාරක්ෂක බළකාය , ආදායම් බුද්ධි අධීක්ෂණ අංශය හා එරට රේගු දෙපාර්තමේන්තුව විසින් මෙම විශේෂ මෙහෙයුම සිදුකර ඇති බව සඳහන්.

එහිදි රුපියල් කෝටි 70 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් රැගෙන ආ පුද්ගලයින් 5 ක් සහිත යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී රත්‍රං කිලෝ 11 ක ප්‍රමාණයක් සැකකරුවන් විසින් මුහුදට දමා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

රත්‍රං කිලෝ 21.2 ක ප්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.

ඉන්දිය ආදයම් බුද්ධි අධීක්ෂණ අංශය විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

READ:   BREAKING NEWS: තවත් වෙඩි තැබීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්