Monday, June 22, 2026
Homeදේශීයපරිවාස නිලධාරින්ට සාම විනිසුරු පත්වීම්

පරිවාස නිලධාරින්ට සාම විනිසුරු පත්වීම්

වින්දිතයන් බවට පත්වන දරුවන් අපහසුතාවට ලක්වීම වැළැක්වීම සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් පරිවාස නිලධාරින්හට සාම විනිසුරු පත්වීම් ලබා දී තිබෙනවා.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සේවය කරන පරිවාස නිලධාරින් 325 දෙනෙකු සඳහා සාම විනිසුරු පත්වීම් ලබා දීමට අවශ්‍ය අයදුම් පත්‍ර ප්‍රදානය, ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනි රෝහිණි විජෙරත්න මන්ත්‍රීවරිය විසින් සිදු කළ බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය වාර්තා කරනවා.

සාම විනිසුරු පත්වීම් ප්‍රදානය අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වනදා පාර්ලිමේන්තුවේ දී පවත්වා තිබෙනවා.

READ:   කිසිම සාක්ෂියක් ඉදිරිපත් වෙලා නෑ! ONMAX DT අධ්‍යක්ෂකවරුන් 5ට ඇප ලැබීම ගැන නීතිඥවරයා කියයි. 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්