Thursday, June 4, 2026
Homeදේශීයයාපනයේ වැඩිහිටි නිවාසයක 44 දෙනෙකුට කොරෝනා

යාපනයේ වැඩිහිටි නිවාසයක 44 දෙනෙකුට කොරෝනා

යාපනය, කයිතඩි පිහිටි වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් හා කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කයිතඩි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසති.

ඔවුන් සඳහන් කළේ, අදාළ වැඩිහිටි නිවාසයේ සිටි වැඩිහිටියන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව වැඩිහිටි නිවාසයේ අනෙකුත් වැඩිහිටියන් සහ කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකු ඊයේ (අගෝ. 31) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා භාජනය කළ බව ය.

එහිදී ඉන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

ඒ අනුව එම වැඩිහිටි නිවාසය වසා දැමීමට කටයුතු කර ඇති අතර ආසාදිතයින් ප්‍රතිකාර හා නිරෝධායනය සඳහා යොමු කර ඇති බව මහජන පරීක්ෂක නිලධාරීහු පැවසූහ.

READ:   වැසි සහ තද සුළං සමගින් කාලගුණයේ වෙනසක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්