Friday, March 13, 2026
Homeදේශීයහොලිවුඩ් පුරය ජයගත් ලාංකික රූ රාජිණිය - Maureen Neliya Hingert

හොලිවුඩ් පුරය ජයගත් ලාංකික රූ රාජිණිය – Maureen Neliya Hingert

1937 ජනවාරි මස 09 වන දින ශ්‍රී ලංකාවේ කොලඹදී උපත ලද මොරීන් නෙලීයා හින්ගර්ට් (Maureen Neliya Hingert) නම් සුන්දර තරුණිය ජාත්‍යන්තර රූ රැජිණ තරගයක් නියෝජනය කල දෙවන ලාංකික තරුණියයි.

1955දී Miss Ceylon තරගයට ඉදිරිපත් වූ ඇය ඉන් ජයග්‍රහණය කර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Miss Universe රූ රැජින තරගයට ඉදිරිපත් වීමට වරම් හිමිකර ගත්තාය. Miss Universe තරගය සදහා ඉන් පෙර ලංකාව නියෝජනය කරමින් මානෙල් ඉලංගකෝන් මහත්මිය 1953දී සහභාගී විය. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රකට රූ රැජිණ තරගයකින් (Miss Ceylon) ජයගත් පලමු රූ රැජිණයි. මොරීන් ශ්‍රී ලංකාවේ දෙවන රූ රැජිණ විය. 1955 Miss Universe කිරුළ සදහා තරග වැදුනු ඇය ඉන් තෙවන ස්තානය ශ්‍රී ලංකාවට දිනා දීමට සමත්විය. එය ශ්‍රී ලංකාව ලෝක රූ රැජිණ තරගයක ලද පලමු ජයග්‍රහණයයි. 1955 Miss Universe කිරුළ ජයගැනීමට සමත් වූයේ ස්වීඩනයේ HILLEVI ROMBIN ය. දෙවන් ස්තානය එල් සැල්වදෝරයේ MARIBEL ARIOLA විසින් දිනාගෙන තිබේ.

බොහෝ රටවල් ලංකාව නොදැනසිටි සමයක ඇය විශ්ව රූ රැජිණ තරගයේ ශ්‍රී ලංකාව බැබලුවාය. නිරූපිකාවක් මෙන්ම දක්ෂ නර්තන ශිල්පිනියක්ද වූ ඇය විශ්ව රූ රැජිණ තරගයේදී දක්ෂතා අතින් කැපී පෙනෙන යුවතියක් වූවාය. තරගයෙන් පසු ඇය ඇමරිකාව බලා ගිය බව සදහන් වේ. 1956-57 වකවානුවේදී බ්‍රිතාන්‍යයේ විකාශනය වූ රූපවාහිනි නාට්‍යමාලාවක් වන Captain David Griefහී ඇය Anura නම් ස්වදේශික තරුණියගේ චරිතය සදහා මොරීන්ව තෝරාගන්නා ලදී. එහි රූගතකිරීම් සිදුවූයේ මෙක්සිකෝවේ බව සදහන් වේ. 1958දී ඇයට “Gun Fever” නම් හොලිවුඩ් චිත්‍රපටයේ රගපෑමට අවස්ථාව ලැබුණි. එහි රූගත කිරීම් අතරතුර ලබාගත් ඡායාරුවක් 1957 සැප්තැම්බරයේ ප්‍රකට Play Boy සගරාවේ පලවූ බව මූලාශ්‍ර වාර්තා කරයි.

ඇය 20 Century Fox හා Universal International Studios යන ප්‍රකට චිත්‍රපට සමාගම් සමග ගිවිසුම් ගතවී චිත්‍රපට සදහා දායක වූ බව සදහන් වේ. එලෙස ජාත්‍යන්තර සිනමාවරම් හිමිකර ගත් ප්‍රතම ලාංකාවේ උපන් නිලිය බවට ඇය පත් වූවාය.

READ:   මැංගුස් කාලත් හමාරයි ගෙඩියක් 150යි

ඇය රංගනයෙන් දායක වූ සිනමාපට අතර The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunman from Laredo, The Rawhide Trail වූ අතර යුගයේ සුන්දරම නිලියන් අතර ඇයටද ප්‍රමුක ස්තානයක් හිමිවිය.

Marion Zamperelli සමග 1958 විවාහවූ ඇය 1970 දී ඔහුගෙන් වෙන්වී 1976 දී William J. Ballard සමග විවාහ විය. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර අද වනවිට 83 වන වියෙහි පසුවෙයි.

මනුජිත් අබේරත්න

Maureen Hingert was born on 9 January 1937 in Columbo, Ceylon [present-day Sri Lanka], of Dutch ancestry, the daughter of Lionel Hingert and Lorna Mabel del Run. Her father was the president of the Bank of Ceylon and had extensive tea holdings. On 25 June 1955, aged 18, she was crowned “Miss Ceylon” in Colombo.

In October 1955, she made her screen debut playing a Native American in Universal-International’s “Pillars of the Sky”, and signed by 20th Century-Fox to appear in The King and I (1956). In 1958, Hingert married Mario Armand Zamparelli, a Montrose artist. On 8 May 1959 in Los Angeles, their daughter Regina was born; she became renowned Los Angeles concert promoter Gina Zamparelli. Hingert had two other daughters, Marisa and Andrea. In July 1970, Hingert divorced Zamparelli. In March 1976, she wed William J. Ballard in Los Angeles.

– IMDb Mini Biography By: Robert M Sieger

Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්