කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීම සදහා පළඳින ලෙසට නිර්දේශ කර ඇති මුඛ ආවරණද එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් සිදුකරන ප‍්‍රචාරණ කටයුතු සදහා යොදා ගෙන ඇතැයි තොරතුරු වාර්තා වනවා.
ඒ අනුව මැතිවරණ සළකුණ, මනාප අංකය සහ අපේක්‍ෂකයාගේ නම සහිත මුඛ ආවරණ පැළඳ ඡන්ද ප‍්‍රචාරණයේ යෙදුණු සිද්ධීන් වාර්තා වන බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ.
ඔවුන් පොලිස් මූලස්ථානය වෙත දැනුවත් කර ඇත්තේ දේශපාලන පක්‍ෂ සහ අපේක්‍ෂක ප‍්‍රවර්ධනය සදහා මුඛ ආවරණ යෙදා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි ද ලැබී ඇති බවයි.
මෙලෙස මැතිවරණ සළකුණ, අංකය සහ අපේක්‍ෂකයාගේ නම සහිත මුඛ ආවරණ පැළඳ මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදීම මැතිවරණ පනත යටතේ වරදක් වනවා. ඒ අනුව මෙවැනි කි‍්‍රයාවන්ගෙන් වැළකී සිටින ලෙසටයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මෙවැනි ප‍්‍රචාරණයන් සිදුවේ දැයි පරීක්‍ෂා කරන ලෙස දිවයිනේ සියළු පොලිස් ස්ථාන වෙත වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ද ලබාදී තිබෙනවා.


